ඔයාල මකන ගොනු ඇත්තටම මැකෙන්නේ නැහැ කියල ඔයාල දන්නවා ඇති .මම මේ කියන්නේ රීසයිකල් බින් එකට යන ඒවා ගැන නෙමෙයි .ඒකෙනුත් delete කරපුව ගැන .ඒවගේ ඒවා නැවත ගන්න ඕනෙතරම්  මෘදුකාංග අන්තර්ජාලයේ තියනවා .එක නිසා ඒවා ගැන කතාකරන්න දෙයක් නැහැ .බොහෝ දෙනෙක් දන්නා දෙයක් නේ. මම දැන් දෙන්න හදන්නේ ඒවගේ දෙයක් නෙමෙයි. මේ Software ඒකෙන් ඔයාල මකපු fils යේ කාටවත් හොයන්න බැරිවෙන්න විනාශ කරලා දාන්න පුළුවන් .ආයේ කාටවත් software පාවිච්චි කරලා හොයන්න බැහැ .එම ගොනු කැබලි බවට පත්වී විනාශ වෙලා යනවා .ඔයාල වටිනා කියන ගොනුවක් මකා දැමුවත් කිසිවකු එය නැවත සොයාගනියි කියා සැක සහිත නම් මෙම මෘදුකාංගය භාවිතයෙන් ඒවා විනාශකර දැමිය හැකියි .
  Privacy Eraser Pro නමින් හඳුන්වන මෙම මෘදුකාංගය මගින් ඔයාලට පහසුවෙන් අවකාශය මකා දැමිය හැකියි .ඒ කිව්වේ උඩ විස්තර කරපුව . ඔයාල මේ මෘදුකාංගය බාගත කරගෙන මුලින්ම ඉන්ස්ටෝල් කරගන්න .ඉතා කුඩා මෘදුකාංගයක් .පහසුවෙන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් .දැන් මේ මෘදුකාංගය open කරලා Drive OPs ටැබ් එක click කරන්න .ඉන් පස්සේ ඔයාලගේ ඩ්‍රයිව් ඔතන යටින් පෙන්නනවා . ඒවයෙන් Privacy Delete කරන්න ඕනේ මොකේද කියල තෝරලා හරියක් දාන්න .ඉන් පස්සේ Start cleaning click කරන්න .දැන් cleaning වෙන්න පටන්ගන්නවා .පෙන් එකක් වගේ නම් ඉක්මනට cleaning වෙනවා .ඔයාලගේ පරිගණකයේ හර්ඩ් ඩිස්කයේ පාර්ටිෂන් නම් cleaning වෙන්න ටිකක් වෙලා යයි .ඕනනම් ඉන් පස්සේ undelete software එකකින් undelete කරලා බලන්න .ඔයාල මකපුව කිසිවන් නැතිව ගොස් තියෙයි . මම හිතන්නේ මේක ගොඩක් වටින ටූල් එකක් වෙයි .toolbox වෙතින් මම  ඔයාලට තවත් මේවගේ අලුත් දේවල් ඉදිරියේදී දෙන්න බලොරොත්තු වෙනවා .එතකන් ඔයාලට සුභ දවසක් . 

Download This Software 

අවසර පදය ලෙස   toolboxlk.blogspot.com යන්න ලබා දෙන්න