ඔන්න අදත් මම අලුත් වැඩක් අරගෙන අවා . මේකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. මම දැන් කස්ටියට කියල දෙන්න යන්නේ කොහොමද Bootable pen එකක් හදාගන්නේ කියල .මේක හරිම සිම්පල් ප්ලෑන් එකක් . පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් තියනවා එක අරන් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා ..
http://www.isotousb.com/ -මෙන්න මේ ලින්ක් ඒකෙන් මේ සොෆ්ට්වෙයා එක ගන්න පුළුවන් ඈ .දැන් ඉතින් ගින්නක් නැ .ඉන්ටෆෙස් එක දැක්ක ගමන් වැඩේ තේරෙනවා. මුලින්ම සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් පාරක් දාගන්න .එතකොට චුටි පෙන් අයිකන් කැල්ලක් destop එකට එයි .ඕක ඩබල් ක්ලික් කොරහම සොෆ්ට්වෙයා එක ඔපෙන් වෙනවා . මේවගේ . 
 
දැන් iso file එක බ්‍රව්ස් කරලා ඔයාල බාගත්ත වින්ඩෝස් වෙර්ශන් එකේ හරි සිඩි එකකින් හදාගත්ත iso  එකක් හරි පෙන්නන්න .ඉන්පස්සේ ඔකේ කොරන්න . ඉන් පස්සේ usb drive එක පෙන්නන්න ඕනේ .මේකට 4gb වලට වඩා තියන පෙන් එකක් ගත්තොත් හොදයි .එක්ස්පී වලට නම් 2 gb උනත් ගානක් නැ .කැමැත්තක් කොරගන්න .මම කිව්වේ හොඳ කටයුත්තක් .
දැන් යටින් තියන ෆයිල් සිස්ටෙම් එක fat 32 දාන්න. volume lable එකේ iso එකේ නම ගහන්න. (xp,vista,7) ඔයාගේ නම ගැහුවත් කමක් නැ හොඳේ
දැන් Bern butten එක ක්ලික් කරන්න .


දැන් ඉති ඉවසා වැඩේ කොරනකන් බලාගෙන ඉන්න .විනාඩි 5,10 යයි වැඩේට හොඳේ .ඔයාලගේ පරිගණකයේ හා පෙන් එකේ වේගය මත එක තීරණේ වෙන්නේ .දැන් පුලුවන්නම් කියහල්ල ඔක්කොම හිරවෙලා කියල .ගණන ගන්න එපා ඒ සොෆ්ට්වෙයා එකේ හැටි .ටිකවෙලාවක් ඉවසන්න .වැඩේ හරි ගියාම success full කියල වැටෙනවා .
දැන් ඔයාලට බුටබල් පෙන් එකක් ලැබිල ඇති .දැන් පෙන් එක ගහල ඒකෙන් බුට් කරන්න .(සැලකිය යුතුයි  cmos setting හදල තිබිය යුතුයි.) මේවගේ පොඩි වැඩ වළට ලොකු ලොකු සොෆ්ට්වෙයා ඕනේ නැහැ .අවශ්‍ය කාර්ය නිවැරදිව පහසුවෙන් කරගන්න පුලුවන්නම් එච්චරයි .
 මේකත් කියන්න ඕනේ .මේක වැඩිය වටින්නේ ලැප් ටොප් පාවිච්චි කොරන අයට කියල මම හිතනවා . .සි ඩි එකකින් බුට්‌ කරනවට  වඩා මේ කරමේ ගොඩක් වේගවත්  .කලින් රොම් එක හරහා සිස්ටෙම් ගසා ඇති අයට වෙනස වටහා ගත හැකි වෙයි.
එහෙනම් කස්ටියට සුබ අනාගතයක් .තවත් මේවගේ එළකිරි හා සරළ  වැඩකින් හමු වෙමු. ජයවේවා