ගූගල් ආයතනය නොමිලේ දෙන සේවාවල් අතර ඉතා ජනප්‍රිය සේවාවක් වන්නේ ඔන්ලයින් ඔෆිස් පැකේජයයි.මයික්‍රෝ සොෆ්ට් ඔෆිස් තරම් ප්‍රභල නොවුවත් මෙය අන්තර්ජාලය හරහා මෘදුකාංග භාවිතයෙන් තොරව පාවිච්චි කිරීමට හැකි වන ලෙස සකසා ඇත.පොදුවේ මෙම ක්‍රමයන් CLOWD COMPUTIN ක්‍රමය ලෙස හඳුන්වනු ලබයි.නමුත් දැන් මයික්‍රොසොෆ්ට් ආයතනයද සිය ඔෆිස් පැකේජය ඔන්ලයිනේ ක්‍රමයට පාරිභෝගිකයන්ට ලබාදීමට පටන්ගත්තද එය භාවිතා කිරීමට ඔව්න්ට මුදල් ගෙවිය යුතුය. මෙම ක්‍රමය ඔෆිස් 350 ලෙස ඔව්න් නම කර ඇත .මෙම පැකේජය හඳුන්වාදීමට පෙර ඔව්න් හඳුන්වා දී තිබුනේ B ,POS  (Business Productivity Online)ලෙසය.
ඔන්න ඕකයි කතන්දරේ
මෛක්‍රොසොෆ්ට් එකේ ප්‍රධාන අදායම් මාර්ග වන්නේ  ඔෆිස් පැකේජ් එක සහ  වින්ඩෝස් ඔපරේටින්  සිස්ටම් එකයි.ලෝකෙන් 100/94 පාවිච්චි කොරන්නෙත් බිල්ගේ කොම්පැනියේ බඩු. ඉතුරු අය ඉතින් නිකන් දෙන ඒවා පාවිච්චි කරනවා. අපිනම් ඉතින් සල්ලි වලට දෙන ඒවත් නිකන් ගන්නවා .බලමුකෝ එකෙත් හැටි නේ.
        
 ඔන්න මම දැන් ඔයාලට   කියන්න යන්නේ ගුගෙල් එකෙන් නිකන් දෙන වැඩ කැල්ලක් වෙන Google Drive ගැනයි.  http://www.google.com/google-d-s/intl/en/tour1.html   google online office . මෙම ලින්ක් එක යොදාගෙන ඔයාලට එම වෙබ් සේවාවට පිවිසෙන්න පුළුවන්.කුමන හෝ ක්‍රමයකින් Google ගිණුමක් ලබාගෙන තියන ඕනෙම කෙනෙකුට මෙම ඔෆිස් පැකේජය නොමිලේ අත්විඳින්න පුළුවන්. ගුගල් එකේ රෙජිස්ටර් වෙලා නැත්තන් email ගිණුමක් හදල ඒ මගින් රෙජිස්ටර් වෙන්න .ගූගල් Drive වෙත් පිවිසෙන ඔයාලට  පහල පින්තුරේ වගේ පේජ් එකක්  ලැබෙනවා .එතනින් Start Now ක්ලික් කරන්න.

ඉන් අනතුරුව පහල පින්තුරේ විදියට Meet Your Drive පිටුව ලැබේවි. දැන් ඉතින් ඕකෙන් වම්පත්තේ තියන Create උඩ Click කරලා මොකද්ද හදන්න ඕනේ ඒක උඩ click කරන්න .Document ,Spreadsheet Presentation,Dravin ,Form කියල විකල්ප කිහිපයක් තියනවා .
හැබැයි ඉතින් Microsoft ඔෆිස් වගේ වැඩ කෑලි නම් නැහැ .මොකද මෙය ඔන්ලයින් දෙන එකක් නිසා ගොඩක් සරලව හදල තියෙන්නේ  හැබැයි ඔෆිස් වලට ඕනේ කරන සියල්ල මෙහිත් ඇතුලත් කරලා තියනවා. ටිකක් විතර ඈ . ඒ වගේම ඔයාල හදන අනම් මනං ලිපි ගොනු  ඔක්කොම ගුගෙල් ලගේ සර්වර් එකේ  නොමිලේ  අප්ලෝඩ් කරන්න දෙනවා . හදිස්සියකට ඔෆිස් Software එකක් හොයාගන්න නැති උනොත් මේක ගොඩක් වටිනවා.

  
එහෙනම් ඉතින් කස්ටිය මේක  පාවිච්ච් කරලා බලන්න .කියන්න තරම් අව්ලක් නැහැ . ලියුමක් ගහන්න මේල් කරන්න එහෙම ගොඩක් පහසුයි.   අනික පොඩි වැඩකට ඔෆිස් වගේ පැකේජයක් අරගෙන තේරුමක් නැහැ.මේවගේ වැඩක් කලහම කාලය වගේම ශ්‍රමයත් මුදලත් ඔයාලගේ MB ටිකත් ඉතුරුයි .
එහෙනම් මේවගේ ටොප් වැඩකින් පස්සේ සෙට් වෙමු .