මම දැන් කියන්න යන්නේ ATTRIB විදානය මගින් ඔබගේ වැදගත් ලිපිගොනු සී පාර්ටිෂන් එකේ  රහසිගත ස්ථානයක සගවන ආකාරයයි .වැඩි විස්තර නැතුව කෙලින්ම වැඩේට බහිමු . හදිස්සියට ෆෝල්ඩර් ලොක් software එකක් නැති වෙලාවට මේ ක්‍රමේ මාර වටිනවා ..   මුලින්ම ස්ටාර්ට් බටන් එක ඔබල SEARCH එකේ CMD විධානය මගින් කොමාන්ඩ් ප්රෝම්පෙට් එක Open කරගන්න.

ඉන්පසු CD\ යනුවෙන් ටයිප් කර Enter කරන්න .

ඉන් පසු C:\> ඉදිරියෙන් මෙය ටයිප් කරන්න .
ATTRIB +R +A +S +H  SX


මෙහි අවසානයේ දක්වා  ඇති SX යන්න සැගවීමට අවශ්‍ය ගොනුවයි .දැන් Enter කර බලන්න .ඔබවිසින් අවසානයට ලබාදුන් නම සහිත ගොනුව එම ස්ථානයෙන් අතුරුදන් වී ඇත .
නැති වූ ගොනුව නැවත ගැනීමට මෙම විධානය ආපස්සට ක්‍රියාත්මක කල යුතුය .
ATTRIB -R -A -S -H  SX  මෙලෙස අතුරුදන් වූ ගොනුව නැවත ඔබට ලබාගත හැකිය .පහත  රුපය අනුගමනය කරන්න .
එහෙනම් ඉතින් වැඩේ කරලා බලන්න .එලස් නේද කියල .මේ විදියට ඕනේ ෆයිල් එකක් හංගන්න පුළුවන් .
ඔයාලට මම මේකේ පෙන්නලා දුන්නේ c පාර්ටිෂන් එකේ තියන ෆයිල් එකක් හංගන හැටි .වෙනත් පාර්ටිෂන් එකක තියන දෙයක් සැඟවීමට  නම් එම පාර්ටිෂන් එකට ඇතුල්වෙන්න ඕනේ .d පාර්ටිෂන් එකනම් D: ලෙස ටයිප් කරන්න ඕනේ . උඩින්ම මම කියල තියනවා cd \ කියල ටයිප් කරන්න .d එකේ හෝ වෙනත් පාර්ටිෂන් එකක තියන දෙයක් හංගනවා නම් ඔයාල මුලින්ම පාර්ටිෂන් එකේ නමත් එක්ක ඉස්සරහට : ගහල එකට ඇතුල් වෙන්න ඕනේ .උදා - D:
අපි සඟවන ෆයිල්ස්  පාර්ටිෂන් එකේ ගබඩා වී ඇත  .ඔබගේ ගොනුවේ නම කිහිප දෙනෙකු දන්නේ නම් එහි නම වෙනස් කර ATTRIB කරන්න .     එහෙනම් තවත් අලුත් වැඩකින් හමුවෙමු .